යතුරුපැදිකරුවන් 25,000 දඩයට එරෙහි වෙයි

Friday, 11 August 2017 - 7:24

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+25%2C000+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රථ වාහන වැරදි සදහා රුපියල් 25,000 ක අවම දඩ මුදල අය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ යතුරුපැදිකරුවන් ඊට විරෝධය පළ කරනවා.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් කියා සිටියේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරි ලෙස මෝටර් රථයක් ඇතුලූ කිරීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම යන වැරදි සදහා මෙම අවම දඩ මුදල ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම සහ බාලවයස්කරුවන් විසින් රිය පැදවීමේ වැරදි සදහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මෙම තීරණයට විරෝධය පළ කරන බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories