උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක්

Friday, 11 August 2017 - 13:13

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් සිව් දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සදහන් කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවක් නොමැතිව ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව මේ වනවිට තහවුරු වී ඇති බවයි.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බව ද එහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙම පිරිස මීට පෙර ගොනුකර තිබූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගත් අතර එහිදී නිීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන බවට සදහන් කළ ව්‍යාපෘතියට අදාළ වාර්තාවන් ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අද දිනය තුළ එය ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව යළි ලබන මස 29 වනදා කැදවීමට තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories