Update :- ඇඳ මකුණන් නිසා ආරම්භ කළ දුම්රිය නියාමක වර්ජනය අවසන්

Saturday, 12 August 2017 - 10:34

Update+%3A-++%E0%B6%87%E0%B6%B3+%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මරදාන දුම්රිය ස්ථානයට අනුයුක්ත දුම්රිය නියාමකයන් අද උදෑසන ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ සිය විවේක කාමර ඇතුළු ස්ථානවල ඇඳ මකුණන් විනාශ කිරීමට නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින්.

කෙසේ නමුත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසඳුමක් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය නතර කිරීමටයි දුම්රිය නියාමක සංගමය තීරණය කර ඇත්තේ.

Update :- Saturday, August 12, 2017 1.28 Pm
------------------------------------------------------

මරදාන දුම්රිය මෙහෙයුම් මැදිරියේ දුම්රිය නියාමකවරුන් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිය විවේක කාමර ඇතුළු ස්ථානවල බෝවී සිටින ඇඳ මකුණන් මර්ධනයට පියවර නොගැනීමට එරෙහිව මෙලෙස වර්ජනයක් ආරම්භ කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories