දඩ කොළය වෙනස් වෙයි

Saturday, 12 August 2017 - 19:12

%E0%B6%AF%E0%B6%A9+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රථවාහන වැරදි සඳහා පනවන නව දඩ මුදල් හේතුවෙන් ඉදිරියේදී දඩ කොලය සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව පොලිසිය පවසනවා.

පසුගියදා රථවාහන වැරදි 05 ක් සදහා වන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නංවනු ලැබූවේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවයි.

රියදුරු බලපත්‍රයක් නොමැතිව සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය යන වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ නැංවීමටයි එහිදී තීරණය කෙරුණේ.

එමෙන්ම, අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන දඩ මුදල් වේග සීමාව අනුව වැඩි වන ලෙස අය කෙරෙනු ඇති. වමෙන් ඉස්සර කිරීම සහ බාලවයස්කරුවන් රිය පැදවීමේ වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දැමුණා.

ඒ අනුව, ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනයේ යෙදීම සිදුකළහොත් මින් ඉදිරියට ස්ථානීය දඩයක් නියම කෙරෙනවා.

මෙලෙස දඩ මුදල් සංශෝධනය වීමත් සමඟ රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කරන දඩ කොලය ද ඉදිරියේදී සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

මේ අතර, රථ වාහන වැරදි සඳහා පනවන ලද නව දඩ මුදල් ලබන සතියේ සිට ක්‍රියාත්මක බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories