කුරණදී STF හා ගැටී තුවාල ලැබූ අයෙක් මධූෂ්ගේ ගෝලයෙක් බව හෙළිවේ

Sunday, 13 August 2017 - 7:27

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+STF+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මීගමුව කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ සමීපතමයෙකු බවට හෙළි වී තිබෙනවා.

වජිර කුමාර නමැති 41 වියේ පසුවන මෙම පුද්ගලයා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකවයි.

මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට මැදපෙරදිග - ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අපරාධයක් සිදුකිරීමේ අරමුණින් ඊයේ (12) පස්වරුවේ වජිර කුමාර නමැත්තා ඇතුලූ හතර දෙනෙකු වෑන් රථයකින් යමින් සිටියදී විශේෂ කාර්ය බලකාය ලූහුබැද ගොස් මාර්ගය හරස් කර වෑන් රථය නවතා තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සිටි පිරිස් පොලිසියට වෙඩි තබා ඇති අතර, එල්ල කෙරුණු ප්‍රතිප්‍රහාර වලින් වෑන් රථයේ සිටි දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වනවිට මීගමුව පොලිසිය භාරයේ පසුවන බවයි විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

වෙඩි වැදීමට ලක්වු මාකදුරේ මධූෂ් සමීපතමයෙකු වන වජිර කුමාර සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අපරාධයක් සිදුකිරීම නිසා බන්ධනාගාරගතව සිට මෑතකදී නිදහස්ව පැමිණි අයෙකු බව සදහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් සැකකරු රාගම ශික්ෂණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයී.

28 වන වියේ පසුවන ඔහු හෝමාගම - කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළි වී තිබෙනවා.

වෙඩි හුවමාරුවෙන් මොවුන් ගමන්ගත් වෑන් රථයට බරපතල හානි සිදුවූ අතර, එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයා ගැනුණා.

එසේම, වාහන අංක තහඩු කිහිපයක් ද එහි තිබී හමුවූ අතර, මේ පිළිබදව ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.






මේ අතර විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් කුරණ මංසන්ධියේදී අපරාධකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය ඒ අසල සිටි අයෙක් වීඩියෝගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories