නාවල ගණිකා නිවසක් වටලයි

Monday, 14 August 2017 - 11:39

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි කළමනාකාරිණිය ඇතුළු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා.

මෙහිදී අත්අඩංගුවට පත් කාන්තාවන් වයස අවුරුදු 25 ත් 30 අතර වයසේ පසුවන බවත් මොවුන් අනුරාධපුර, තණමල්විල, ඇඹිලිපිටිය, උඩුපුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් තමන් නවාතැන් ගෙන තිබූ ස්ථානවලට පවසා තිබෙන්නේ ඔවුන් කොළඹ රැකියා කරන බවයි.

කෙසේ වෙතත් අදාළ කාන්තාවන් රුපියල් 2,000 ත් 5,000 ත් අතර මුදලකට විකිණී ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියන් පිලිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබෙන අතර ඔවුන් ඇප මත නිදහස් කර තිබෙනවා.             



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories