අර්ජුන මහේන්ද්‍රන් සහ කසුන් පලිසේනගේ සන්නිවේදන උපකරණ ද බැඳුම්කර කොමිසමට භාර දෙන්නැයි නියෝග

Monday, 14 August 2017 - 15:20

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගේ සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසම වෙත භාර දෙන ලෙස එම කොමිසම අද නියෝග කළා.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ දුරකථන, ටැප්ටොප් පරිඝණක ඇතුළු එම සන්නිවේදන උපකරණ එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත  භාර දෙන ලෙසයි.

ඒවායේ දත්ත ලබා ගැනීමෙන් පසු මුද්‍රා තබා කොමිසමේ ලේකම්වරයා භාරයට පත් කෙරෙන අතර, අදාළ සාක්ෂි විභාගයන් අවසන් වන තුරු ඒවා ඔහු භාරයේ ඒවා පවතිනු ඇති.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් භාවිත කළ සන්නිවේදන උපකරණ ද මීට පෙර බැඳුම්කර කොමිසම භාරයට ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories