කුකුළන් 14 දෙනෙකු සොරකම් කළ තුන්දෙනෙකුට අත්හිටවූ සිර දඬුවම්

Tuesday, 15 August 2017 - 17:46

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
කුකුළන් 14 දෙනෙකු සොරකම් කිරීම සහ ගෙවල් බිඳීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා හමුවේ වරද පිළිගත්තා.

අනතුරුව ඔවුන්ට වෙන් වෙන්ව වසර බැගින් සිර දඞුවම් නියම කළ විනිසුරුවරයා එම සිර දඞුවම වසර 08 ක් දක්වා අත්හිටුවීමටයි නියෝග කළේ.

එසේම සැකකරුවන් තුන්දෙනාට මුදලින් රුපියල් 3000 බැගින් දඩ නියම කෙරුණු අතර, කුකුළන් හිමිකරුට රුපියල් 9000 බැගින් වෙන් වෙන්ව වන්දි ගෙවන ලෙසද නියෝග කෙරුණා.

සැකකරුවන් කුකුළන් සොරාගැනීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ දමා ගිය ජංගම දුරකථනයක් ආධාරයෙන් ඔවුන් සොයාගත් බවයි පොලීසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories