ගොඩනැගිල්ලකින් බිමට වැටී තරුණයෙකු මියයයි

Wednesday, 16 August 2017 - 14:40

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගම්පහ නගරයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක පස් වන මහලෙන් බිමට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී 12ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ අදාල ගොඩනැගිල්ලේ කම්කරුවෙක් ලෙස සේවයකළ පදවිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ධනංජය පුෂ්පකුමාර නමැති තරුණයෙක් බවයි වාර්තාවන්නේ.

දේහය මේ වනවිට ගම්පහ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර එහි පශ්චාත් මරණ පරීක්ෂණය සහ මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගම්පහ පොලිසිය විසින් සිදුකරන බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories