මතුගම ප්‍රසිද්ධ පාසලක දැරියක් පැහැරගෙන ගොස් අතවර කරයි

Friday, 18 August 2017 - 10:13

%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික සංගීත පන්තියකට සහභාගීවීමට දොඩන්ගොඩ ප්‍රදේශයට පැමිණි 16 හැවිරිදි ශිෂ්‍යාවක් ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දොඩන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

අදාල තරුණයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් තමාට ලිංගික අතවර කළ බවයි දැරිය පොලිසියට පවසා තිබෙන්නේ.

පසුව නිවසට යෑම සඳහා ඇයව බස් නැවතුම්පලට ගෙනැවිත් දමා ඇති බවත් ඇය මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

දැරිය වෛද්‍ය පරිෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories