සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.
පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක විදේශ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.
ඉන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට අනුව විෂය පථයන් ගැසට් කිරීමේදී එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය අයත් වූයේ විදේශ අමාත්‍යාංශයටයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩල සහ ජාතික ලොතරැයි මණ්ඩල පනත් වල අදාළ සංශෝධන සිදුකෙරෙන බව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Follow US
Most Viewed Stories