රිය අනතුරකින් තරුණයෙකු මියයයි (ඡායාරූප)

Friday, 18 August 2017 - 14:28

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද(18) උදෑසන බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයෙකු මියගිය බව කොස්ගොඩ පොලිසිය පවසනවා.

මියගිය තරුණයා සමන් කුමාර නමැති කොස්ගොඩ- මිරිස්වත්ත-වතුරවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද(18) උදෑසන 7.30 ට පමණ කොස්ගොඩ මිරිස්වත්ත වතුරවෙල ප්‍රදේශයේ ඇඟලුම් සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස්රථයක ගැටුණු යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයාගේ හිසට බරපතල තුවාල සිදුවී බලපිටිය මුලික රෝහලට ඇතුළත් කළා.

නමුත් අදාළ තරුණයා බලපිටිය මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන 10.15 ට පමණ මියගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවීමට පෙර මියගිය තරුණයාගේ සොහොයුරිය සහ ඇයගේ දරුවාද යතුරු පැදියේ ගමන්කර ඇති බවත් තරුණයාට රැකියාවට යාමට පමා වන බව පවසා සොහොයුරිය සහ ඇයගේ දරුවා අනතුර සිදු වීමට පෙර මගින් බස්වා ගොස් ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories