"මූසල දෙවසර" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධයක්

Friday, 18 August 2017 - 16:09

%22%E0%B6%B8%E0%B7%96%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%83%E0%B6%BB%22+%E0%B6%BA%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් මීට හේතුවයි.

ලිප්ටන් වටරවුමේදී  පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතාව "මූසල දෙවසර" යනුවෙන් නම් කර තිබෙනවා.

මෙම විරෝධතාවට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ද, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලන සාමාජිකයන්ද සහභාගිවී සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ.

මේ අතර කොළඹ පුරහල අවට ප්‍රදේශයට වර්ෂාවක් ද ඇද හැලෙමින් පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories