යහපාලනය අසාර්ථකයි - අධිකරණ ඇමති විජේදාස, මෛත්‍රී පාලනයක් ගැන කියයි

Saturday, 19 August 2017 - 18:37

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%2C+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජයේ පවතින්නේ පුළුල් සංවාදයක්.

තමන්ට එල්ල වන ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අද (19) නොච්චියාගම - රඹෑව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු පිළිතුරු ලබාදුන්නා.

තමන් ගෝත්‍රිකයෙකු ලෙස හැදින්වීම පිලිබදව සතුටු වන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

‘‘දැන් අපේ රටේ මේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න මහා විශාල අමාත්‍යාංශයක් තියෙනවා. දැන් ඒක භාර ඇමතිතුමාට, අපේ රටේ ඔක්කොටම වකුගඩු රෝගය වැළදිලා මියදුණත්, ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කරන්න වෙන වැඩ තියෙනවා. ඩෙංගු රෝගය වැළදිලා රටේම ජනතාව මියැදුනත් කමක් නෑ, සෞඛ්‍ය ඇමතිට කරන්න වැඩක් තියෙනවා. මුළු රටේම විශ්වවිද්‍යාල පද්ධතිය කඩන් වැටිලා, උගුන් බිහිවෙන එක සම්පූර්ණයෙන් නතර වුණත් කමක් නෑ, සයිටම් එක තියෙනවා නම් සෞඛ්‍ය ඇමතිතුමාට කරන්න වැඩක් තියෙනවා. ඒක තමයි පළිගන්න එක. දැන් එතුමා තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්නේ. ඉතිං කොහෙද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්න වෙලාවක් තියෙනවා ද ? අද හැම ආගමිකයෙක්ම, ජාතිකයෙක්ම තමන්ගේ අයිතීන් ගැන කතා කරනවා. ඒකේ වරදක් නෑ. හැබැයි මේ රටේ අපි සිංහල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් ගැන කතා කරනවා නම් බුද්ධ ශාසනයට වෙච්ච හිරිහැර ගැන කතා කරනවා නම් අපි ජාතිවාදියෝ. අනිත් අය ඒ ගොල්ලොන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒ ගොල්ලෝ දේශප්‍රේමීන්. අද අපේ ශාසනයේ උරුමය ගැන මේවා රකින්න  ඕනෙයි කියලා කතා කරනකොට බුද්ධශාසන ඇමතිවරයා හඳුන්වන්නේ ගෝත්‍රිකයා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, ත්‍රිකුණාමල වරාය අපේ ජාතික උරුම සම්පත් රැක ගන්න  ඕනෙයි කියලා කියනකොට අධිකරණ ඇමතිවරයා ගෝත්‍රිකයා. අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණවලට දාලා පෝරකයට ගෙන යන්න දෙන්නේ නෑ කියලා කියනකොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා. මේ රටේ යුක්තිය පසිඳිලන අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න  ඕනෙයි කියන ස්ථාවරය ගන්නකොට ඒකට දේශපාලන ඇඟිලි ගැහීම් කරන්න එපැයි කියනකොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා. නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන්න දෙන්න බෑ කියනකොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා. කවුද මේ කියන්නේ තාමත් බටහිර සුද්දන්ගේ සපත්තුවලට පෑගිලා ඉන්න අධිරාජ්‍යවාදී වහල්ලූ විදියට ඒ දීන මානසිකත්වයෙන් ගොඩට එන්න බැරුව දඟලන නිවට දේශපාලනඥයෝ අද අපිව හඳුනවන්නේ ගෝත්‍රිකයෝ කියලා. ගෝත්‍රිකයෝ කොච්චර හොඳද.....අද අපිට දේශපාලනයට උවමනා වෙලා තියෙන්නේ ගෝත්‍රිකයෝ. මොකද ගෝත්‍රිකයන්ට තියෙනවා....ජාතියක් තියෙනවා, ඡුන්මයක් තියෙනවා. ගෝත්‍රිකයන්ට තියෙනවා දේශයක් ආරක්ෂා කරන්න. ’’

‘‘කලක් කිව්වා මට රකින්න බූදලයක් නැත. ඔටුනු පළඳන්න කුමාර කුමාරියන් නැත කියලා. ඒ සාපේ තමයි අපි මේ ගෙවන්නේ. අපිට රකින්න බූදලයක් තියෙනවා. අපිට ඔටුනු පලන්ඳන්න කුමාර කුමාරියෝ ඉන්නවා ලක්ෂ ගානක් මේ රටේ. හෙට දවසේ බිහිවෙන දරුවෝ.......එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා. ඒ පව් අද අපිත් ගෙවනවා. අපි මේ ගෙවන්නේ සංක්‍ර‍්‍රාන්ති යුගයක්. අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ යහපාලනය ඇතිකරන්න. යහපාලනය කියන්නේ හොරකම් කරන එක නෙවෙයි. යහපාලනය කියන්නේ හොරු නාල්ලා ඉන්න එකත් නෙවෙයි. හොරා ගිය ආණ්ඩුවෙත් හොරා, මේ ආණ්ඩුවේ හොරකම් කරපු එකත් හොරා. හොරාට ලේබල් දෙකක් නෑ. කොල පාට හොරයි, නිල් පාට හොරයි කියලා එහෙම නෑ. අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ රටේ තියෙන ව්‍යවස්ථා රාමුව ඇතුලේ. ඒක කරන මිනිස්සු ගෝත්‍රිකයෝ කියලා හඳුන්වනවා. මේක ඉතාමත්ම අභාග්‍යසම්පන්න තත්ත්වයක්. හැබැයි මේ සංක්‍රාන්ති සමය තුළ මේ රටේ අවශ්‍ය දේශපාලන වෙනස කරලා මේ රට නැවතත් යහමගට ගන්න අපි පසුබට වෙන්නෙත් නෑ. බය වෙන්නෙත් නෑ. අතිගරු ජනාධිපතිතුමාගේ නමම මෛත්‍රී. අපි වෛරයෙන් නෙවෙයි කටයුතු කරන්නේ. එතුමාගේ නායකත්වය තුළින් මෛත්‍රී සහගත සමාජයක් හදන්න  ඕන. සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු මිනිස්සු අද වෛරයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් දැවි දැවී ගිනි ගන්නවා. සාධාරණ සමාජයට වෙච්ච දේ. අවුරුදු හැත්තෑවක් තට්ටු මාරු දේශපාලනයෙන් කරන්න බැරි වෙච්ච දේ ජාතික ආණ්ඩුව හදලා යහපාලනය තුළින් වෙන්නෙත් නෑ. එහෙමනම් ඒකට අවශ්‍ය විකල්පය මොකක්ද කියලා මේ රටේ මහා සංඝරත්නය තීරණය කරන්න  ඕන. මේ රටේ ජනතාව තීරණය කරන්න  ඕන, මේ රට දේශපාලනඥයන්ට අයිති රටක් නෙවෙයි.’’ යනුවෙන් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කර සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories