රත්නපුර සහ මාතර නායයාමේ අවදානම් තවමත් - දින 4 කින් නියං ප්‍රදේශවලට වැසි

Saturday, 19 August 2017 - 18:52

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+4+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
නුවරඑළිය, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 3 සදහා පැනවූ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල නායයාමේ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.

මේ අතර, ඊයේ වනවිටත් මහවැලි ජලාශ රැසක ජල මට්ටම පැවතුණේ අවධානම් තත්ත්වයකයි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 20 ක් ලෙස සටහන් වූ අතර, උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 6 දක්වා පහත බැස තිබුණා.

තවමත් ඉහළ ජල ධාරිතාවක් පවතින්නේ කාසල්රී, මාවුස්සාකැලේ සහ දඹුලූඔය ජලාශයේ පමණයි.

කවුඩුල්ල සහ ගිරිතලේ ජලාශවල ද ජල මට්ටම සියයට 8 කටත් අඩු ධාරිතාවක් පෙන්නුම් කරන බවයි මහවැලි අධිකාරිය සදහන් කළේ.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති තද වැසි තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එමෙන්ම, උතුුරු නැගෙනහිර සහ ඌව පළාත්වලට දැනට බලපා ඇති නියං තත්ත්වය නිමා කරමින් ලබන 23 වනදායින් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories