විද්‍යුත් අත්සන පාර්ලිමේන්තුවට

Sunday, 20 August 2017 - 12:57

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉලෙක්ට්‍රොනික වශයෙන් යොදන අත්සන්, එම වාර්තා සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ  ඕනෑම ලේඛනයක් නීත්‍යානුකූල ලෙස පිළිගැනීමේ පනත් කෙටුම්පතක් ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පිළිබඳ පනතේ සංශෝධනයක් ලෙසයි.

ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදන යොදාගැනීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුවයි මෙලෙස මෙරට ඉලෙක්ට්‍රොනික අත්සන් නීත්‍යානුකූල කෙරෙන්නේ.

දේශසීමා හරහා වෙළඳාම ඇතුලූ ගණුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජගත් සංවිධානය මෙම සම්මුතිය ඉදිරිපත් කරනු ලැබුවා.

මෙතෙක් මෙරට ඉලෙක්ට්‍රොනික අත්සන සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් පැවැත්වුණේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories