ආගමන විගමන නීති උල්ලංගණය කරමින් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයන් 27 දෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි සහ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් 19 දෙනෙකු සාස්තර කීමේ රැකියාවේ නිරතව ඇති බවටයි හෙළි වී ඇත්තේ.
එමෙන්ම තවත් 6 දෙනෙකු ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් තවත් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු වෙනත් ව්‍යාපාරික ස්ථානවල සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර විද්‍යාවේදී උපාධිධාරියෙකු ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන බුද්ධි ඒකකය ප්‍රකාශ කළා.
මෙම ඉන්දීය ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර එම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, ලබන සතියේදී මොවුන් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන්.
උතුරු - නැගෙනහිර ප්‍රදේශවල මෙලෙස ආගමන විගමන නීති උල්ලංගණය කරමින් රැදී සිටින විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මකයි.

Follow US
Most Viewed Stories