කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Monday, 21 August 2017 - 7:58

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෝමාගම සහ කොට්ටාව දුම්රිය ස්ථාන අතර මාලපල්ල ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

මේ නිසා අද පෙරවරුවේ කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය දෙකම ප්‍රමාද වන බවයි ඔවුන් කියා සිටියේ.

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.  

මේ අතර හලාවත මාදම්පේ ප්‍රදේශයේදී දුම්රියක ගවයෙක් ගැටීමෙන් අද උදෑසන හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පැවති බවද වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories