අම්මාගේ නොසැලකිල්ලෙන් තොටිල්ලත් සමඟ ගිනි ගෙන දැවුණු පුංචි "අනූෂා" (ඡායාරූප)

Monday, 21 August 2017 - 10:48

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%22%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82%E0%B7%8F%22+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩි වතුයායේ පහළ කොටසේ වතු නිවාස පෙළක ජීවත් වු වතුකමිකරු පවුලකට අයත් මාස දෙකක් වයසැති සිඟිතියක් තොටිල්ලේ නිදාගෙන සිටියදී තොටිල්ල ගිනි ගැනිමෙන් බරපතල ලෙස පිලිස්සි තුවාල ලබා බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

පසුව ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් එම දැරිය මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව පොලිසිය පවසනවා.

ඊයේ (20) පස්වරුවේ මව විසින් ඉටි මලු වලින් සකස් කරන ලද අනාරක්‍ෂිත තොටිල්ලේ සිය දැරිය  නිදි කරවා නිවසින් මදක් බැහැරව සිටින අවස්ථාවේ  නිවසේ ලිප ආසන්නයේම සවිකර තිබු තොටිල්ල ගිනි ගැනිමෙන් මෙම අනතුරු සිදුවි ඇති බවයි පරික්‍ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අනුෂා කුමාරි නැමැති මාස 02ක් වයසැති දියණියක්.

තොටිල්ල ගිනි ගන්නා අවස්ථාවේ එය ආසන්නයේ කිසිවෙක් නොසිට ඇති බවත් පසුව මව නිවසට පැමිණෙන අවස්ථාවේ ගිනි  ඇවිලී තිබු තොටිල්ලේ  බරපතල පිලිස්සුම් සහිතව සිටි දැරිය බගවන්තලාව රෝහල වෙත රැගෙනවිත් ඇති බවයි එමදැරියගේ මව බගවන්තලාව පොලිසියට පවසා ඇත්තේ.

පිලිස්සුමි තුවාල ලැබු දැරියට වැඩිමහල් අවුරුදු හතරක සොහොයුරෙකු සහ අවුරුදු දෙකක සොයුරියක් සිටින බවත් පිලිස්සුම් තුවාල ලැබු දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි සිද්ධිය පිළිබද පරික්‍ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසන්නේ.



ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories