උදයංග වීරතුංගගේ ඉල්ලීම් අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙයි

Monday, 21 August 2017 - 11:13

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ, නීතිඥයන් කර තිබූ ඉල්ලීම අධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙසේ ප්‍රතික්ෂේප කළේ උදයංග විරතුංගට පනවා ඇති අන්තර්ජාතික වරෙන්තුව ආපසු කැඳවන ලෙස හා ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම යන නියෝග ආපසු කැඳවන ලෙසට කර තිබූ ඉල්ලීම්.

එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය කියා සිටියේ උදයංග වීරතුංග කළ යුත්තේ උසාවි නියෝග ආපසු කැඳවන ලෙස නීතිඥයන් මඟින් ඉල්ලීම නොව පොලිසියට හෝ අධිකරණයට භාර වීම බවයි.

මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories