වව්නියාවේ දුෂ්කර ගමකට සවියක් වූ හිටපු ක්‍රිකට් ශූරයා (ඡායාරූප)

Monday, 21 August 2017 - 13:22

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම විසින් වව්නියාව - වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ පාසලට එම දරුවන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් ඉදිවූ බුදු මැදුර විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක වල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම බුදු මැදුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමියන් හා එම විහාරස්ථානයේ ශාශනික සේවිකා සමිතියයි.

මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසලට රෝෂාන් මහනාම විසින් මූල්‍ය දායකත්වයන් ලබා දුන් අතර පාසලට නම තැබුනේද රෝෂාන් මහනාම ප්‍රාථමික පාසල ලෙසයි.

බුදු මැදුර විවෘත්ත කිරීමෙන් පසුව ගම්මානයේ වැසියන්ට වියළි සලාක ද, දරුවන් සඳහා අධ්‍යාපන උපකරණද රෝෂාන් මහනාම අතින් ලබා දෙනු ලැබුවා.

ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නළ ළිඳක් සහ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමද ඊයේ (20) සිදුකෙරුණා.

මේ අතර වෙහෙරතැන්න ගම්මානයේ පදිංචි අයෙකුට ස්ථීර නිවසක්ද ප්‍රධානය කෙරුනේ විදෙස් ධානපතියෙකුගේ ආධාරවලින්.

මෙම සියලු ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 56 සේනාංකයේ 19 වන ගජබා රෙජිමේන්තුව 62 වන සේනාංකයේ 26 වනශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවයි.

මෙම උත්සව අවස්ථාවන් සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමියන් සහ එම විහාරස්ථානයේ ශාශනික සේවිකා සමිතියේ උපාසිකාවන්, 62 සේනාංකයේ හා 662 හා 563 බලසේනාධිපතිවරුන් ඇතුළු පාසල් දරුදැරියන් හා දෙමාපියන් සහභාගී වී සිටියා.



ඡායාරූප - වන්නි, රොමේෂ් මධුසංක





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories