වියළි ආහාර සලාක බෙදාදීම ඇරඹේ

Tuesday, 22 August 2017 - 8:22

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත දිස්ත්‍රික්ක 13ක නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ වී තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා තෝරා ගත් ගොවිජනතාව වෙත සමූපකාර සමිති මගින් මෙම වියළි ආහාර සලාකය නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම සලාකයට පිටි, පරිප්පු, සීනි, කඩල සහ ටින් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ඇතුළත්.

මෙහි ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහිදී වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories