20 වන සංශෝධන පනත් කෙටුම්පතට උතුරුමැද පළාත් සභාවේ අනුමැතිය

Tuesday, 22 August 2017 - 12:56

20+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
සියලුම පළාත් සභාවල ඡන්ද එක්දිනයක පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට උතුරුමැද පළාත් සභාවේ  අද අනුමැතිය හිමි වුණා.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 15ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 13ක් පමණයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, පළාත් මහඇමති පේශල ජයරත්න ඇතුළු නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories