නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජනපති මෛත්‍රී හමුවේ

Tuesday, 22 August 2017 - 12:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට සහභාගි වන ලෙස නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙහිදී විශේෂයෙන් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මෙතෙක් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය දැනුම් දී නොමැති අතර පසුගිය සතියේ බදුල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ මෙම සතිය වනවිට නිදහස් පක්ෂයේ යෝජනා බාර දීමට හැකිවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories