තම පුතුට තෑග්ගක් දීමට මීහරක් හිස් කබලක් (buffalo skull) සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සහ කල ප්‍රංශ ජාතික ගුවන් මගියෙකු අද(22) කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු 56 වියෙහි පසු වන්නෙක්.
යු එල් 225 දරණ ගුවන්යානයෙන් ඩුබායි හරහා ප්‍රංශය වෙත යාමට ගුවන්තොටුපලට පැමිනි අවස්ථාවේදි ගුවන්තොටුපළ ආරක්ෂක අංශය විසින් ප්‍රංශ ජාතිකයාගේ ගමන් මළු ස්කෑන් යන්ත්‍ර හරහා පරික්ෂාවට ලක්කර සැක සහිත බව රේගුවට දන්වා තිබෙනවා.
ගුවන්තොටුපළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිළධාරින් එය පරික්ෂාවට ලක්කර මීහරක් හිස් කබලක් සහ අං දෙකක් සොයා ගැනුනා.
සිද්ධියට අදාල සැකකරු ප්‍රංශයේ උසස් පොලිස් නිළධාරියෙකු වන අතර ඔහු තම පුතාගේ ඉල්ලීම මත මෙය රැගෙන යාමට උත්සහ කර තිබු බවත් කොළඹ සිටින හිතවතෙකු හරහා මිලදි ගත් බවත් පරික්ෂනයේදි ඔහු අනාවරණය කර තිබෙනවා.
නියේජ්‍ය රේගු අධක්ෂක පරාක්‍රම බස්නායකගේ උපදෙස් සත්ව කොටස් රාජසංතක කර සැකකරුට තරයේ අවවාද කර මුදාහැරුනා.
ගුවන්තොටුපළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු අධිකාරි ඉසුරු නාගහවත්ත ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂන සිදු කරනවා.

Follow US
Most Viewed Stories