අලුත්ගම සහ බේරුවල සිද්ධිවලදී මිය ගිය අයට වන්දි

Wednesday, 23 August 2017 - 7:33

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
2014 වසරේ ජුනි 15 සහ 16 වැනි දිනවල අලුත්ගම සහ බේරුවල සිදුවූ ගැටුම්වලින් මිය ගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවුණා.

මීට වසර 3 කට පෙර අලුත්ගම සහ බේරුවල ඇති වූ ගැටුම් වලින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

එලෙස මියගිය පවුල් සදහා රුපියල් ලක්ෂ 20 බැගින් වූ වන්දි මුදලක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories