විභාග ප්‍රශ්න පිටවීම පිටුපස වෛද්‍යවරයෙක් හා පුත්‍රයෙක් ?

Wednesday, 23 August 2017 - 10:24

%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%3F
උසස්‌ පෙළ රසායන විද්‍යාව  ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්‌ මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටිනා බවට පොලිසිය ට ලැබුන තොරතුරක් නිසා ඒ බව තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාර දී ඇතැයි වාර්තා වනවා.

පොලිසියට ලැබී ඇති තොරතුරුවල මුදල් ගනුදෙනුවක් පිළිබඳ ද සඳහන් වන බවයි වාර්තා වන්නේ.

ලැබී ඇති තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා උපකාරක පංති ගුරුවරයාට පවසා ඇත්තේ තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙසයි.

ඒ සඳහා රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදී ඇති බවද සඳහන්.

එම මුදල් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයා උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි එම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර
කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුවයි  පිළිතුරු ලබා ගැනීම සඳහා වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුරේ ජංගම දුරකථනයක්‌ මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ.

උපකාරක පංති ගුරුවරයා කර ඇත්තේ එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව එම ප්‍රශ්න තුන පත්‍රිකාවක මුද්‍රණය කිරීමයි.

අනතුරුව  සුළු වෙලාවක් ඇතුලත ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්‌ථානවල එම මුද්‍රණය කළ පත්‍රිකාව බෙදාහැර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

වෛද්‍යවරයාගෙන්, උපකාරක පංති ගුරුවරයා  ලබාගත් බවට සැක කරන රු දස ලක්‍ෂයක මුදලින්, රුපියල් නව ලක්‍ෂ අනූ දහසක්‌ එම ගුරුවරයාගේ කඳානේ නිවසේ තිබී පොලිසිය සොයාගෙන ඇතැයි ද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් හා පියාගෙන් ප්‍රශ්න කිරීමේදී මේවා හෙළි වී ඇතැයි ද වාර්තා වනවා.

මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති බවද සඳහන්.

අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ඔහු රටින් පලා යැම වැළැක්‌වීම සඳහා ද පොලිසිය පියවර ගනිමින් සිටිනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයාද මේ වනවිට පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරුවල සත්‍යතාව නිවැරදිව සනාථ කරගත හැකි වනු ඇති.

එම විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවේ සිටි එම ගුරුවරයාගේ පියා, සහෝදරයා සහ එය පරිගණක ගත කළ පුද්ගලයා අගෝස්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ ඊයේ(22) නියෝග කලා.

එදිනට ඔවුන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට ද නියමිතයි.

කඳාන දකුණ බටගම පදිංචි මෙම උපකාරක පංති ගුරුවරයා උපාධිධරයෙකු ලෙස හැඳින්වුවත් උපාධිධරයෙකු නොවන බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අත් පත්‍රිකාව මුද්‍රණය, බෙදා හරිම සඳහා කල්වේලා ඇතිවම සුදානමින් සිට ඇති අතර එහි ප්‍රශ්න හැර අනෙක් කරුණු කලින්ම සකස් කර තිබු බවද වාර්තා වනවා.

අත් පත්‍රිකාව බෙදා හරිමර එක දින සේවයට තරුණියන් 6ක් යොදවා තිබු බවද පොලිසිය අධිකරණයට කියා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories