සැමියාට පොලුවලින් පහරදී ඝාතනය කළ බිරිඳ ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්

Wednesday, 23 August 2017 - 11:20

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රැයක්‌ තිස්සේ පොලුවලින් පහර දී කොස්‌ගොඩ- වතුරවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් ස්‌වාමිපුරුෂයා ඇතුළු සිව්දෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ වන වයස අවුරුදු 22 ක් වූ වතුරවෙල, කොස්‌ගොඩ ප්‍රදේශයේ පදිංචි ලක්‌මුණි චතුරි මධුෂ්කා ද සිල්වා,ඇයගේ පියා වන 54 හැවිරිදි එම ලිපිනයේම පදිංචි ලක්‌මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා සහ ඇයගේ අනියම් පුරුෂයා සහ ඹහුගේ මිත්‍රයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දේහය සැකකරුවන්ගේ නිවසේ පුටුවක්‌ මත තිබියදී පසුගිය මැයි 30 වැනි දින උදැසන කොස්‌ගොඩ පොලිසිය මගින් සොයා ගනු ලැබුවා.

මියගිය පුද්ගලයාගේ අත්පා ගැටගසා බරපතල ලෙස පහර දී තිබූ බවත් මියගිය අයගේ අතපය හා ශරීරයේ බොහෝ ස්‌ථාන ඉදිමී නිල් පැහැ ගැන්වී තිබූ බවත්
පොලිසිය පවසනවා.

එමෙන්ම මියගිය පුද්ගලයාට රැය මුළුල්ලේම පහරදී ඇති බවටද පොලිසිය අනුමානකරනවා.

මියගිය පුද්ගලයාට සහ ඇයගේ බිරිඳට වයස අවුරුදු 3 1/2 ක පමණ දියණියක්‌ද සිටින බවත් ඔවුන් පවුල් ආරවුල් හේතුවෙන් නිවාස දෙකක ජීවත් වී ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

පසුගිය මැයි 29 දින සවස 6ට පමණ සිය දියණියගෙන් වෙන්ව සිටින සැමියාට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව මියගිය පුද්ගලයා කොස්‌ගොඩ පිහිටි බිරියගේ නිවසට පැමිණ තිබෙන බවත් එහිදී ඇති වූ ආරවුලක්‌ මත මියගිය අයට පහරදී තිබෙන බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇති බවයි වාර්තා වුයේ.

පියා සහ සහෝදරයා ස්‌වාමිපුරුෂයාට පහර දුන් බවත් පසුව පපුව රිදෙනවා යෑයි පවසා ස්‌වාමියා පුටුවක වාඩි වූ බවත් සැකකාර බිරිය පොලිසියට ප්‍රකාශ කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories