විජේදාස ඉවත් කරයි

Wednesday, 23 August 2017 - 12:17

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එජාප නායකත්වය කළ ඉල්ලීම මත විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුර ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබෙනවා.

එම තීරණය මේවනවිට ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තාවනවා.

මෙසේ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඊයේ(22) ප්‍රකාශ කළා.

ඒ ඊට අදාළ නිවේදනයක් නිකුත් කරමින්.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණ අනුව කටයුතු කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපොහොසත් වී ඇති බව ද එහි දැක්වෙනවා.

පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මීට අදාළව පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සමඟ සාකච්ඡා කර ප්‍රකාශය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ දැනුවත් කර ඇති අතර, එහිදී ඒ සඳහා එකඟතාවකටද පැමිණි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එය නිවැරදි කිරීම සඳහා 21 දිනය දක්වා කාලය ලබාදී තිබූ නමුත්, එසේ නිවැරදි කිරීමක් නොකිරීම හේතුවෙන් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ(22) පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඉහත තත්ත්වය මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව කටයුතු කිරීමට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බැවින් ඔහු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙසට නායකත්වය ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories