ඉවත් කළ විජේදාස තීරණයක් ගනී

Wednesday, 23 August 2017 - 14:24

%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කැබිනට් අමාත්‍ය ධුරවලින් තමා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කළ නියෝගය පිළිගන්නා බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

එජාප නායකත්වය කළ ඉල්ලීම මත විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුර ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබු අතර එම තීරණය ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබුනා.

සියලු අමාත්‍ය ධුරවලින් විජේදාස රාජපක්ෂ  ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඊයේ (22) ප්‍රකාශ කලේ.

ඒ ඊට අදාළ නිවේදනයක් නිකුත් කරමින්.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණ අනුව කටයුතු කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපොහොසත් වී ඇති බව ද එහි දැක්වෙනවා.

පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මීට අදාළව පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සමඟ සාකච්ඡා කර ප්‍රකාශය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ දැනුවත් කර ඇති අතර, එහිදී ඒ සඳහා එකඟතාවකටද පැමිණි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එය නිවැරදි කිරීම සඳහා 21 දිනය දක්වා කාලය ලබාදී තිබූ නමුත්, එසේ නිවැරදි කිරීමක් නොකිරීම හේතුවෙන් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ (22) පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඉහත තත්ත්වය මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව කටයුතු කිරීමට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බැවින් ඔහු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙසට නායකත්වය ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කිරීමෙන් පසු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද(23) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළා.

තමන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන අන්දම, ඉවත් කළ හේතු, නීතිපති අරලියගහ මන්දිරයට ගෙන්වීම, හම්බන්තොට වරාය පැවරීමේ බල ශුන්‍ය බව, footnote කල්ලිය, ජනතාව ආණ්ඩුව ගැන ගත යුතු තීන්දුව ගැන ද ඔහු අදහස් පළ  කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories