දේශීය ආදායම් සේවකයින්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Wednesday, 23 August 2017 - 16:47

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට එරෙහිව හෙට දිනයේදී දියත් කිරීමට සැලසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සමඟ මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී මෙම පනත් කෙටුම්පත ලබන සිකුරාදා සම්මත කර නොගන්නා බවට අමාත්‍යවරුන් ලබාදුන් පොරොන්දුවකට අනුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories