යාපනයේ තරුණයෙකු කපාකොටා පලා යයි

Wednesday, 23 August 2017 - 16:56

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යාපනය උරුම්පිරායි මන්සන්ධියේදී ඊයේ (22) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් ඇති අතර කැපුම් වලින් තුවාල ලත් පුද්ගලයා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති බව කෝපායි පොලීසිය කියා සිටිනවා.

උරුම්පිරායි මන්සන්ධියේ පිහිටි සැලුන් එකක සේවයේ නිරත 24 හැවිරිදි සුරෙස්වරන් කනිස්ටන් නැමති තරුණයා සේවයේ නිරතවන අවස්ථාවේදී ඊයේ රාත්‍රි 7.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු විසින් තියුණු ආයුද වලින් කපා කොටා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාල කැපීම්වලින් බරපතල තුවාල ලැබූ තරුණයා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති අතර ඔහුගේ පිට ප්‍රදේශයට මැහුම් 10 ක් දමා රෝහලේ 24  වාට්ටුවේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාල පහර දීම සිදු කළ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම පහරදීම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බව පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories