රිය අනතුරකින් 14 හැවිරිදි දැරියක් මරුට (ඡායාරූප)

Wednesday, 23 August 2017 - 17:02

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී අද (23) පස්වරුවේ ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටි 14 හැවිරිදි දැරියක් මියගොස් යතුරු පැදිය පැදවූ දැරියගේ පියා බරපතල තුවාල ලබා ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.

ටිපර් රථය කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට ධාවනය කර තිබෙනවා.

යතුරුපැදිය ද එම දෙසට ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ටිපර් රථය පිටුපසින් පැමිණ යතුරුපැදියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කලාවැව බුල්නෑව ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය ධාවනය කළ පියා බරපතළ තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ටිපර් රථයේ රියදුරු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය දැරිය අඳ ගොළු බිහිරි පාසලක ඉගෙන ගන්නා දැරියක් බවත් නිවාඩුව සඳහා තම පියා සමග යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් අප වාර්තාකරු පවසනවා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



දඹුල්ල - කාංචන කුමාර ආරියදාස   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories