චෝදනාව සාමූහිකත්වය කඩකිරීම පමණයි - එජාපය කියයි

Wednesday, 23 August 2017 - 18:53

%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ අධිකරණ පද්ධතියට බලපෑම් සිදුකළ නිසා නොව කැබිනට් සාමූහිකත්වය කඩකිරීම නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින්.

එහිදී මාධ්‍යවේදීන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාද ආණ්ඩුවට එරෙහිව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර පිළිතුරු ලබාදුන්නා.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙකුට වෙනස් ආකාරයකට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

කවුරුන් හෝ සාමූහික වගකීම් කඩවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ පිළිබඳව ඉදිරියේදී තීන්දු ගනු ඇති බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර  කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ක්‍රිකට් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට චෝදනා කරන්නේ නම් ඊට පිළිතුරු ලබාදීමටද තමන්ට සිදුවන බවයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් සහ වාහන ලබාදුන් ඇමතිවරුන්ට එවැනි චෝදනා සිදුකිරීමට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කටයුතු නොකරන බවයි.

තමන් කිසිවිටකත් ක්‍රිකට් පරිපාලනයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇති බවද සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories