අනුර - රාජිත මැති සබයේදී ගැටෙයි

Wednesday, 23 August 2017 - 19:17

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

ඒ, නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සම්බන්ධයෙන් වන කල්තැබීමේ යෝජනාවේදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයත් සමගයි.  

අනුර කුමාර - අපි දන්නවා අද කවුරුත් අපේ රටේ සෞඛ්‍ය සේවය, ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තිබ්බට, දොස්තර මහත්තයා ඉස්පිරිතාලේ තිබ්බට අනිත් ඔක්කොම ගන්න වෙලා තියෙන්නේ එලියෙන්. බෙහෙත් ගන්න වෙන්නේ එලියෙන්. දැන් තුණ්ඩු දෙකක් දෙනවා. එක තුණ්ඩුවක් දෙනවා එතනින් ගන්න, දෙවැනි තුණ්ඩුව දෙනවා එලියෙන් ගන්න.

රාජිත සේනාරත්න - කොහේද ?

අනුර කුමාර - මොණරාගල......

රාජිත සේනාරත්න - මම එහෙමනම් වහාම එම අධ්‍යක්ෂවරයාට විරුද්ධව ක්‍රියා කරන්නම්. කිසිම ඉස්පිරිතාලෙක ඒක බෑ. අදම මම මොණරාගල අධ්‍යක්ෂවරයාගෙන් නිදහසට කරුණු ඉල්ලනවා.

අනුර කුමාර - තංගල්ලෙත් එහෙමයි.....(බාධා) පොඞ්ඩක් ඉන්නකෝ.......මම බොරු කියන්නේ නෑ. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා  ඕනෑම රෝහලකට බෙහෙත් ගන්න ගියහම සියලූ බෙහෙත් සහ සියලූ පරීක්ෂණ රෝහල්වලින් කෙරෙනවා කියලා. සෑම ඉස්පිරිතාලයක් ඉස්සරහම ෆාමසි වැහි වැහලා. සෑම ඉස්පිරිතාලයක් ඉස්සරහම පරීක්ෂණ ආයතන වැහි වැහිලා. ඉස්පිරිතාලවල බෙහෙත් තියෙනවා නම්, ඉස්පිරිතාල ඉස්සරහා ෆාමසි පිරෙන්නේ නෑ. ඉස්සර තිබුණේ ඉස්පිරිතාල ඉස්සරහා මීනි පෙට්ටි සාප්පුව විතරයි. මොකද ඉස්පිරිතාලෙන් පෙට්ටිය දුන්නේ නෑ. අද ගරු කතානායකතුමනි අද හැම ඉස්පිරිතාලයක් ඉස්සරහම ෆාමසි. ඔබතුමා ගමේ ඉස්පිරිතාලෙට ගිහිං බලන්න. මෙයා මොනවද මේ කියන්නේ. ඕක තමයි හදන සෞඛ්‍ය ප්‍රතිපත්තිය. මේක ඔලූවේ තියාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන්නේ. රටේ සෞඛ්‍ය සේවය හොදයි නම් රටේ සෞඛ්‍ය ඇමති සිංගප්පූරු යනවද බෙහෙත් ගන්න. ගරු කතානායකතුමනි, රටේ සෞඛ්‍ය සේවය විශ්වාසයි නම් සෞඛ්‍ය ඇමතිට සිංගප්පූරු යනවද බෙහෙත් ගන්න හරිද ලක්ෂ සීයක් ජනාධිපති අරමුදලෙන් අරගෙන. එහෙනම් මෙයා ඔපරේෂන් එක කරගන්න එපැයිනේ ජාතික රෝහලෙන්. ගමේ මිනිහෙකුට හදවත ඔපරේෂන් කරගන්න ජනාධිපති අරමුදලෙන් ලක්ෂ එකහමාරක් ගන්න ග්‍රාමසේවක සහතිකේ  ඕනේ, ප්‍රාදේශීය ලේකම් සහතිකේ  ඕනේ. මෙයාට ලක්ෂ සීයයි. (බාධා) අපි අහන්නේ....මොකක්ද මේ කියන්න එන්නේ. මම ඔයා ගැන කතා කරන්න එන්නේ නෑ. අපි කියන්නම් ඔයා ගැන විස්තරේ, රාජ්‍ය තක්සේරුව ලක්ෂ 17 යි මෝදර ධීවර වරාය. මෝදර ධීවර වරාය බදු දුන්නේ එක්ලක්ෂ 25,000 කට මාස 300 කට. පරීක්ෂණය තිබුණා අල්ලස් කොමිසමේ, දෙපාරක් ගියා අල්ලස් කොමිසමට. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව මාරු කෙරෙව්වා. මෙයාට නඩුව දායි කියලා. දැන් එනවා අපිට කතා කරන්න. ආයුර්වේද සංස්ථාවට මස්සිනා දාගෙන, නෝනා පත්වීම් දෙන්නේ මොනවගෙන්ද....නෝනා ලියුම යවනවා පත්වීම දෙන්න කියලා. හරිද ආයතනයේ පත්වීම් නෑ....අපිට කතා කරන්න එන්නේ. ඒවට එන්න එපා, හොදේ.......මේ මේ ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා මන්ත්‍රීකම නැතිවෙලා තියෙන්නේ. මේ ලංකාවේ නඩුවක් දාලා මන්ත්‍රීකම නැතිවෙච්ච එකම මනුස්සයා මේ. අපිට උගන්වන්න එනවා හොරකම් ගැන. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දණගහලා වඳින්න  ඕන. මන්ත්‍රීකම නැතිවුණාට පස්සේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දුන්නා. ඔන්න කට්ටිය, අපිත් එක්ක එන්න එපා  ඕවා කතා කරන්න.

කරූ ජයසූරිය - දැන් හරි....විනාඩි 03 ක් තියෙනවා.

අනුර කුමාර - එයාව වාඩි කරවන්න. මගේ වෙලාව. මට කාලය  ඕන. එයානේ බාධා කරේ. මම කියන්නේ සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමක් තියෙනවා. මම අහන්නේ ඒකයි. ඒ නිසා මේ සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන බිඳ වැටීම. ඒ නිසා ඒ ජනතාවගේ සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන බිඳ වැටීම සැලකිල්ලට ගෙන ඒ අයට විශේෂ ආධාර මුදලක් ලබාදෙන්න  ඕනකම තියෙනවා. මොකද විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිරිලා තියෙන පළාතක්. මං දැක්කා විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමත්, වකුගඩු රෝගය ගැන ගොඩාක් දේවල් කිව්වා. වකුගඩු රෝගය විශාල ලෙස පැතිරෙමින් යනවා. ඒ අයට දිනපතා බෙහෙත් ගන්න  ඕන. හැබැයි කෘෂිකර්මාන්තය මුළුමනින්ම බිඳවැටිලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අනිවාර්ය ලෙස ඒ වකුගඩු රෝගයෙන් පෙළෙන ගොවි ජනතාව ගැන කල්පනා කරලා ඒ ගොල්ලන්ට සෞඛ්‍ය සේවා දීමනාවක් මේ නියඟයත් එක්ක ලබාදෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම.....මේ බලන්නකෝ බුරනවානේ......එතුමා කෝප වුණාට විරසක වුණාට ප්‍රශ්නයක් නෑ. අපේ ගෙදර ටොමියා ඇවිස්සෙන්නේ මෙහෙම මෙහෙම කරාම, මේ ටොමියා ඇවිස්සෙන්නේ මෙහෙම මෙහෙම කරාම.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories