ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ නිධන් හෑරූ තිදෙනෙක් කොටුවෙයි (ඡායාරූප)

Thursday, 24 August 2017 - 12:44

%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ නිධන් හැරිම සදහා ඇතුළු වී සිටි පුද්ගලයින් 03 දෙනෙකු අද (24 )උදෑසන ලුණුගම්වෙහෙර වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියන්සමයත් සමග වනෝද්‍යානයේ සතුන් දඩයම් කරන පුද්ගලයින් සොයා අද (24)උදෑසන විශේෂ මෙහෙයුමක් වනෝද්‍යානය තුළ වෙහෙරගල හා ,කරිවිලේ ප්‍රදේශයන් තුළ මුර සංචාරය කරමින් සිටියදී සැක කටයුතු ජීප් රථයක් පරිස්ක්ෂා කිරීමට යාමේදී එම ජීප් රථය වනජීවී නිලධාරීන්ගෙන් බේරී වනෝද්‍යානයෙන් පිටතට පැමිණ ඇති අතර පසුව වනජිවී නිලධාරින් එම වාහනය පිටුපස හබා ගොස් පිටුපස රෝදයට වෙඩි තබා තිබෙනවා.

මේ සමග වාහනය නැවතී ඇති අතර එහි සිටි සැකකරුවන් දෙදෙනකු පලා ගොස් ඇති බවත් තිදෙනෙකු වනජීවී නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී ඇති  බවත් සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හක්මන ප්‍රද්ශයේ පදිංචි මාතර ප්‍රසිද්ද පාසලක ගුරුවරයෙක් මෙන්ම කතරගම ප්‍රදේශයේ පදිංචි වනජිවී  දෙපාර්තමේන්තුවේ කනිෂ්ට සේවකයෙකුද වන බව වනජීවී නිලධාරින් පවසනවා.
 
අනෙක් සැකකරු තිස්සමහාරාම බෙරේලි හෙළ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහනය සමග ගමන්ගත් තවත් වෑන් රථයක් හා නිධන් හැරීමට ගෙන එන ලද පුජා භාන්ඩ , අහාර ,ජලය ,ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් ,ගල්විදින යන්ත්‍ර ඇතුළු තවත් උපකරණ රාශියක් ද වන බව වනජීවී නිලධාරින් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම ලුණුගම්වෙහෙර උද්‍යාන වනජිවිකාර්යලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම් ,ඒ ගුණතුංගගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.


ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories