Update : නව බුද්ධශාසන ඇමතිවරයා සහ අධිකරණ ඇමතිවරිය දිවුරුම් දෙයි

Friday, 25 August 2017 - 7:36

Update+%3A++%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුරප්පාඩු වී පැවති අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ සඳහා නව අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී මීට ටික වේලාවකට පෙර සිදුකෙරුණා.

ඒ අනුව අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දැනට කටයුතු කරන තලතා අතුකෝරලයි.

තිරසාර සංවර්ධන හා වනජිවි අමාත්‍යවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ප්‍රථම කාන්තාව වන්නේද තලතා අතුකෝරලයි.





Update : Friday, August 25, 2017 9.57
-----------------------------

නව බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා අධිකරණ ඇමතිනී ලෙස තලතා අතුකෝරලත් දිවුරුම් දීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

තලතා අතුකෝරාල අමාත්‍යවරිය දැනට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරිය ලෙසද කටයුතු කරනු ලබනවා.

ගාමිණී ජයවික්‍රම පෙරේරා දැනට තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ලබනවා.

මීට පෙර බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍යංශ එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති අතර මේ අනුව එය අමාත්‍යවරු දෙදෙනෙක් යටතට පත්වනු ඇති.

මේ අතර ඊයේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයට සෙංකෝලය රැගෙන එන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ මයික්‍රෆෝනය ක්‍රියාත්මකවීම හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවයක් පිළිබඳව එහිදී පළවූ අදහස් කිහිපයක් මෙලෙස පටිගත වී තිබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories