ඇමති රංගේ බණ්ඩාර නඩුවකින් නිදහස්

Friday, 25 August 2017 - 14:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල බවට හැඟවීමට අනුබල දුන් බවට චෝදනා එල්ල වූ නඩුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නියෝග කළා.

මෙම නඩුව පවරා තිබුණේ නීතිපතිවරයා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ තවත් අයෙකු නම් කර තිබුණා.

මෙම නඩුව අද දිනයේ කැදවනු ලැබූ අවස්ථාවේදී එම වාහනය ලබා ගත් පුද්ගලයා අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ට වාහනය සම්බන්ධයෙන් සියලු  ලියකියවිලි රාජ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් බවයි.

පසුව නීතිපතිවරයා විසින් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories