පොලිතීන්වලට ආදේශක

Friday, 25 August 2017 - 14:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A
ආහාර එතීම සදහා භාවිත කරන පොලිතීන්, ෂොපින් බෑග් සහ  රිජිෆෝම් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි භාවිතය තහනම් කිරීමත් සමග ඊට විකල්ප ආදේශකයක් ලෙස ජෛව හානියට ලක්වන පොලිතින් හදුන්වාදී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

නව නීති ලබන පළවනදා සිට ක්‍රියාත්මක වන අතර, මෙම නව ආදේශක දින 100 ක් තුළ විනාශ වන බවයි එම අධිකාරිය සදහන් කළේ.

ඒවා සැප්තැම්බර් පළවනදා සිට වෙළදපොලෙන් මිලදි ගත හැකි බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories