ජනපති ‘‘ පුරවැසි අත්වැලට’’

Saturday, 26 August 2017 - 9:40

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E2%80%98%E2%80%98+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%A7%E2%80%99%E2%80%99
රට දිනවීම සඳහා පවතින අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි මිනිසුන් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවැති "පුරවැසි අත්වැල" ප්‍රාදේශීය සන්නිවේදකයින්ගේ හමුව අමතමින්.

පක්ෂ, පාට, ජාති සහ ආගම් භේදයකින් තොරව සියලු දෙනාගේ සහය රට ගොඩනැගීම සඳහා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඓතිහාසික උරුමකම් නොමැති රටවල් රැසක් කාර්මිකරණයෙන් සහ තාක්ෂණයෙන් ඉදිරියට ගොස් ඇති බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට අතීත ශ්‍රී විභූතිය නැවත ළඟා කර ගැනීමට සුදුසු වැඩපිලිවෙලක් ‘‘පුරවැසි අත්වැල’’ ක්‍රියාවට නංවා ඇති බවයි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories