හිටපු ඇමති විජේදාස, හිටපු ජනපති හමුවේ

Saturday, 26 August 2017 - 13:07

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර හමුවක් බෙල්ලන්විල රජමහා විහාරයේදී ඊයේ සිදුවුණා.

ඒ ඔවුන් බෙල්ලන්විල රජමහා විහාරයේ 66 වන ඇසළ පුණ්‍යෝත්සවයේ පෙරහර මංගල්‍යයේ සමාරම්භක උත්සවයට ඊයේ (25) පස්වරුවේ සහභාගිවූ අවස්ථාවේදීයි.

එම ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මහා සංඝරත්නය හමුවන අවස්ථාවේදී එම ස්ථානයට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එක්වුණා.

ඔවුන් දෙදෙනා අතර එහිදී ඇතිවූ සුහද පිළිසඳර බොහෝදෙනාගේ අවධානයට ලක්වූ කරුණක්.

එම උත්සවයේදී බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන් කියා සිටියේ පෙරහරවලට අලි ඇතුන් සහභාගි කරවීම සම්බන්ධයෙන් ගැටලූ රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

එම උත්සවයෙන් අනතුරුව අදහස් දක්වමින් හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ සියලූ දේ පිළිබද මෛත්‍රී සහගත අපේක්ෂාවෙන් බලා සිටින බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම අවස්ථාවට එක්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු

‘‘ සම්පූර්ණ වැරදියි. සාමාන්‍යයෙන් දේශපාලන අයිතිය නැති කරන්න පුළුවන් කමක් නැහැ.  දැනටමත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර ඉන්නවා සමෘද්ධි නිලධාරින්, කෘෂිකර්ම නිලධාරින් ඇතුළු රජයේ සේවකයන්. ඉතින් ඒ රජයේ සේවකයන්ට තිබ්බ අයිතියක් එකපාරටම උදුර ගැනීමක්. මම හිතන්නේ ව්‍යවස්ථාව අනුව මේක වැරදියි. මෙයාලා ලොකු කට්ටකමක් කළා ඇත්ත වශයෙන්ම. පාර්ලිමේන්තුව රැවැට්ටුවා. අධිකරණයත් රැවැට්ටුවා. අධිකරණය ඉදිරියට දාලා පනතක් ගෙනල්ලා. ඊට පස්සේ සංශෝධන 52 ක් ඉදිරිපත් කළා. ඒ 52 අතරට තමයි මේ රාජ්‍ය සේවකයාට තමන්ගේ ප්‍රජා අයිතිය අවලංගු වෙන විදිහට කටයුතු කළේ. මොකද මේක ඔවුන්ට තියෙන දේශපාලන අයිතියක් මේක. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. හිතාමතාම පළි ගන්න කරපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. මොක ද මෙයාලා දන්නවා පැරදෙනවා කියලා. පැරදෙනවට බයේ මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ’’ යනුවෙන් සදහන් කළා. එමෙන්ම, ප්‍රාදේශීය සභාවල බලය සම්පූර්ණයෙන්ම ලබා ගන්නා බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories