කාන්තාවකට හිරිහැර කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 26 August 2017 - 13:32

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල රෝහලට අනුයුක්තව සේවය කරන තරුණ වෛද්‍යවරුන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ කෑගල්ල නගරයට ආසන්නයේදී කාන්තාවකට හිරිහැර කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ට පහරදී ඇති බව සඳහන්.

පසුව ඔවුන් කෑගල්ල පොලීසියට භාරදී තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ වෛද්‍යවරුන් දෙදෙනා බීමතින් සිට ඇති බවටයි.

කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳවද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories