විනය පරීක්ෂණයට සූදානම් - ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කියයි

Monday, 28 August 2017 - 8:52

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන සතියේදි මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නිදහස් පක්ෂය  සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

සනත් නිශාන්තට අමතරව ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, දිලූම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වයද අහෝසි කිරීමට සූදානම් වන බවට එම වාර්තාවල තවදුරටත් දැක්වුණා.

ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අහෝසි වනු ඇති.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සඳහන් කළේ එසේ සිදුකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ  ඕනෑම විනය පරීක්ෂණයකට සූදානම් බවයි.

එමෙන්ම පක්ෂයට එරෙහිව කිසිවිටකත් කටයුතු කර නොමැති බවත් පක්ෂයේ විනය කඩකරමින් සිටින පිරිස් ආණ්ඩුව තුළ කටයුතු කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories