ගිරිබාවේ සිසුවිය දූෂණය කර මරා දැමූ, සහාසිකයාගේ මව පොලිසියට ලිපියක් යවයි (ඡායාරූප)

Monday, 28 August 2017 - 10:40

%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96%2C+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 36 හැවිරිදි හර්ෂණ සමන් කුමාර නැමැත්තාගේ මව වන ආර්.කේ කුසුමාවතී මෙම අපරාධය කළ තම පුතු එල්ලා මැරුවද තමාගේ කිසිදු අකමැත්තක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඇය, ඝාතනයට ලක්වූ දැරියගේ අවමංගල්‍ය උත්සවයේ දී සැවොම ඉදිරියේ කියවන ලෙස ඉල්ලමින් ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය වෙත යොමුකළ ලිපිය මගින්.

ආර්.කේ කුසුමාවතීගේ අත්සනින් යුතු එම ලිපියේ සඳහන් වුයේ මෙවැනි සාහසික අපරාධකරුවෙකුගේ මවක් වීම හේතුවෙන් දැනෙන වේදනාව ඉවසා දරාගත නොහැකි බවයි.

එමෙන්ම ඝාතනයට ලක් වූ දියණිය වෙනුවෙන් තමා කරන පිං ඇයගේ පරලොව දිවිය වෙනුවෙන් අනුමෝදන් වේවා ලෙසද කුසුමාවතී ප්‍රාර්තනා කරනවා.

තවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ මෙම අපරාධය කළ තම පුතු එල්ලා මැරුවද තමාගේ කිසිදු අකමැත්තක් නොමැති බවයි.    

මෙම සිසුවිය දුෂණය කර ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය මුල සිටම සැක පළ කරා.

ඝාතනය සිදු වූ දින උදෑසන මෙම දැරියගේ මව අසල නිවසකට ගොස් ඇත්තේ දෛනික රැකියාව සඳහායි.

එම නිවසේ මුරුක්කු නිශ්පාදනය කෙරෙන අතර එම කාන්තාව එහි සේවය කරන බව සඳහන්.

ඇය යළිත් එදින දහවල් 12 ට පමණ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇයගේ කෑ ගැසීම ඇසුනු ප්‍රදේශවාසීන් පැමිණ කළ සොයා බැලීමේදී පාසල් සිසුවිය අත් ගැටසා ඇඳ මත වැටී සිටින අයුරු දැක තිබෙනවා.

සිසුවියගේ සිරුරේ සීරීම් තුවාල කිහිපයක් සහ උඩු තොලේ තුවාලයක් ද ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සිද්ධියට අදාළ සැකකරු තරුණයන් පිරිසකගේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට පත්ව තිබුණා.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.

එම සැකකරු මත්පැන් සහ මත්ද‍්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි වී සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු සිසුවියගේ නිවස ආසන්නයෙන් බස් රථයක නැගී තඹුත්තේගම දෙසට පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී බස් රථයේ කොන්දොස්තරවරයාට ඔහුගේ හැසිරීම පිළිබඳ මතුවු සැකයක් මත ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී එම ත්‍රී රෝද රථ රියදුරන් බස් රථය පසුපස ගොස් එය නතර කර සැකකරු අල්ලා පොලිස් භාරයට පත් කර තිබෙනවා.

ආර්.කේ කුසුමාවතී කළ ඉල්ලිම ඇතුළත් ලිපිය පහතින්.


 

 



(ඡායාරූප - ගල්ගමුව අරෝෂන / ගල්ගමුව රොෂාන්)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories