ප්‍රධාන ජලාශවල ධාරිතාව 14 % බසී - කුඩා වැව් 15,000ක් සිඳේ

Tuesday, 29 August 2017 - 12:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+14+%25+%E0%B6%B6%E0%B7%83%E0%B7%93+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A+15%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%9A
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම ජලාශවල ජල ධාරිතාව සමස්තයක් ලෙස මේ වන විට සියයට 14 දක්වා පහත බැස තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.බී. පළුගස්වැව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පුත්තලම, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පිහිටි විශාල වැව් වැඩි වශයෙන් සිදී ගොස් ඇති බවයි.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන කුඩා වැව් - අමුණු 15,000ක පමණ ප්‍රමාණයක් ද මේ වන විට සිදී ගොස් අවසන්.

ඉදිරි මහ කන්නයේ වගාවන්ට ඒ තුළින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අනිද්දා සිට සැප්තැම්බර් 02 වන දා දක්වා උතුරු, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories