පර්පෙචුවෙල් හඩ පද්ධතිය රහස් පොලිස් භාරයට

Tuesday, 29 August 2017 - 12:55

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%A9+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
බැඳුම්කර කොමිසමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද කොමිසමෙන් ඉල්ලීමක් කළා.

ඒ, අදාළ සමාගම සිය හඬ පටිගත කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් දිවුරුම් පිට ලබාදුන් සාක්ෂි අසත්‍ය බවට තහවුරු කිරීමෙන් අනතුරුවයි.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හඬ පටිගත කිරීමේ පද්ධතියේ පටිගත කිරීම් හැර ඊට අදාළ වෙනත් තොරතුරු නොමැති බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන එම කොමිසමට ප්‍රකාශ ලබාදී තිබුණේ දිවුරුම් ප්‍රකාශයක්ද සමඟින්.

කෙසේ වෙතත්, අදාළ පද්ධතිය සැපයූ සමාගම අද කොමිසම හමුවේ ප්‍රකාශ කළේ එම පද්ධතියේ දුරකතන ඇමතුම් ලැබුණු අංකය, වේලාව ආදී විස්තර සටහන් වන බවයි.

ඒ අනුව පර්පෙචුවෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොමිසමට අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව අදාළ මෘදුකාංගය නිර්මාණය කළ සමාගමේ ප්‍රධාන ඉංජිනේරු නලින් රංග ධර්මරත්න කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඊට අමතරව ඔහු පැවසුවේ සේවා ගිණුමේ කොන්දේසි කඩකරමින් එම පද්ධතියට අදාළ මෘදුකාංගය යළි පිහිටුවීමට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ක්‍රියාකර ඇති බවයි.

එම සිදුවීම සිදුවු දිනයේම ශ්‍රී ලංකා මහ බැංකුව පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට දැනුම් දුන්නා.

 අදාළ මෘදුකාංගය යළි පිහිටුවීමේදී ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව වූ සමයේදී සටහන් වූ හඬ පටිගත කිරීම් හැර ඊට අදාළ අනෙකුත් දත්ත සියල්ල පරිගණකයෙන් ඉවත් කර ඇති බවද සාක්ෂි ලබාදෙමින් ප්‍රධාන ඉංජිනේරු නලින් රංග ධර්මරත්න ප්‍රකාශ කළා.

මෙම කරුණු හෙළිවීමත් සමඟ ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරිගණකය සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එසේම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා කොමිසමෙන් ඉල්ලා සිටියේ අදාළ පරිගණකයේ දත්ත කිසිවක් නොමැති බැවින් පැරණි පරිගණකය සිය භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොමිසම නොමඟ යවමින් සාවද්‍යව නිර්මාණය කරන ලද තොරතුරු දිවුරුම් පිට ලබාදී ඇති හෙයින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා සිටියා.

එහිදී කොමිසම ප්‍රකාශ කළේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙතෙක් ලබාදුන් සාක්ෂි සියල්ලේම විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලූවක් මෙම සිදුවීමත් සමඟ පැන නගින බවයි. ඒ සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නීතිඥයින් හෙට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories