යාපනයේ සිසුන් මියයාම සම්බන්ධයෙන් තවත් සිසුන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ (ඡායාරූප)

Wednesday, 30 August 2017 - 7:16

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය - කයිට්ස් - එළිතිව් ජැටිය ආසන්න කලපුවේ දී  තෙප්පමක් පෙරලීමෙන් ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් තවත් සිසුන් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බව යාපනය, කයිට්ස් පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ  තෙප්පම පෙරලී අනතුර සිදුවීමෙන් පසු පිහිනාගෙනවිත් ජීවිතය බේරාගත් ගත් සිසුවාගෙන් ඇතුළු සිසුන් පස්දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කිරීම සිදුකළ බවයි.

පොලිසිය සිදුකල මුලික පරීක්ෂණ වලදී අනාවරණය වුණේ යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි ජයශාන්ත් තිනේෂ් නමැති සිසුවාගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් පැවති සාදයකින් පසු  සිසුන් 07 දෙනෙකු බෝට්ටුවක නැගී මන්ඩතිව් දූපතට ගොස් ඇති බවටයි.

බීමත්ව සිටීම සහ ඔවුන් ගමන් කළ තෙප්පම නිසි ප්‍රමිතියෙන් තොරවීම අනතුරට ප්‍රධාන හේතුවක් බවට අනාවරණය වුණා.

එම අවස්ථාවේ  තෙප්පම පෙරලී යාමෙන් එහි ගමන් ගත් සිසුන් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර එක් සිසුවෙක් දිවි ගලවා ගැනීමට සමත්වුණා.

මිය ගිය සිසුන් යාපනය ප්‍රදේශයේම පදිංචි 19 සහ 20 වයස් කාණ්ඩවල පසුවන්නන්.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories