කුරුඳුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ ගින්න ගැන දෙපාර්තමේන්තුව, අතුරු වාර්තාවක් කැඳවයි

Thursday, 31 August 2017 - 7:43

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය - කුරුඳුගහහැතැක්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණය සම්බන්ධයෙන් සහ දෙපාර්තමේන්තුවට අයත් ලිපි ලේඛණ ගිනිගෙන විනාශවීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව අතුරු වාර්තාවක් කැදවා තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුලදි විශේෂ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව පරික්ෂණයක් ද සිදු කරන බවයි තැපැල්පති රෝහණ අබේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට අනුව අදාල උප තැපැල් කාර්යාලය මුද්‍රා තැබීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පෙරේදා උදෑසන තැපැල් ස්ථානයේ ඇතිවූ ගින්නකට හසුවී මියගිය ස්ථානාධිපතිනිය අවුරුදු 49 ක් වයසැති දෙදරු මවක්.

දැනට පොලිසිය සැක කරන්නේ ගින්නට පෙර මෙම කාන්තාව වස පානය කර ඇති බවටයි.

කෙසේ වෙතත්, වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories