ලේකම්ගේ චක්‍රලේඛය කම්කරු ඇමති නොදනී ?

Thursday, 31 August 2017 - 12:39

%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%93+%3F
කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අතිකාල දීමනා කප්පාදුව මසක් ඇතුළත නිවැරදි නොකළහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතිකාල දීමනා සියයට 50 කින් කපා හැර තිබුණේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්.

කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම දීමනා කප්පාදුව සිදුකර ඇති බවයි.  

මේ සම්බන්ධයෙන් අප කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන්ගේ අනුදැනීමකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories