නිදහස් පක්ෂ සම්මේලනයට හිටපු ජනපතිට දෙවන වරටත් ඇරයුම්

Friday, 01 September 2017 - 13:20

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි වන ලෙස දන්වමින් දෙවන වරටත් ආරාධනා පත්‍ර යැවිමට කටයුතු කර ඇතිබව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සැප්තැම්බර් 3 වනදා පස්වරුවේ කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කලේ ඒ සදහා තමන්ට මෙතෙක් ආරාධනයක් ලැබී නොමැති බවයි.

ජා-ඇල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියා සිටියේ මෙතෙක් තමන්ට ආරාධනාවක් ලැබී නොමැති බවයි.

සංවත්සරය සදහා ආරාධනා ලැබී නොමැති බව සදහන් කර ඇති නිසා හිටපු ජනාධිපතිවරයා ඇතුලූ සියලූ මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර යැවීමට ඊයේ දිනයේදි කටයුතු කල බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කුරියර් සේවාවක් මගින් අදාළ ආරාධනාවන් ඔවුන්ගේ අතටම භාරදීමට කටයුතු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories